Feeds

තව ඉතා සුළු මොහොතකින් සිදුකිරීමට හෝ සිදුවීමට යන දෙයක් ප්‍රකාශ කිරීම..

  • I am about to brush my teeth.
    (අයෑම් අබවුට් ටු බ්‍රෂ් මයි ටීත්)
    මම දත් මදින්නයි හදන්නේ.
  • I am about to leave for work.
    (අයෑම් අබවුට් ටු ලීව් ෆෝ ව(ර්)ක්)
    මම වැඩට යන්නයි හදන්නේ.
  • She is about to make breakfast.
    (ෂී ඊස් අබවුට් ටු මේක් බ්‍රෙක්ෆස්ට්)
    ඇය උදේ කෑම හදන්නයි හදන්නේ.
  • He is about to take a shower.
    (හී ඊස් අබවුට් ටු ටේක් අ ෂව(ර්))
    ඔහු නාන්නයි හදන්නේ.
  • They are about to watch a movie.
    (දේ ආ අබවුට් ටු වොච් අ මූවී)
    ඔවුන් චිත්‍රපටයක් බලන්නයි හදන්නේ.
  • I am about to call my friend.
    (අයෑම් අබවුට් ටු කෝල් මයි ෆ්‍රෙන්ඩ්)
    මම මගේ යාළුවාට කතා කරන්නයි හදන්නේ.
  • We are about to have lunch.
    (වී ආ අබවුට් ටු හෑව් ලන්ච්)
    අපි දවල් කෑම කන්නයි හදන්නේ.
  • It’s about to rain.
    (ඉට්ස් අබවුට් ටු රේන්)
    වහින්නයි හදන්නේ.
  • The children are about to go to school.
    (ද චිල්ඩ්‍රන් ආ අබවුට් ටු ගෝ ටු ස්කූල්)
    ළමයින් පාසලට යන්නයි හදන්නේ.
  • I am about to sleep.
    (අයෑම් අබවුට් ටු ස්ලීප්)
    මම නිදාගන්නයි හදන්නේ.

වෛද්‍යවරයෙක් චැනල් කිරීම..

  • I need to channel a doctor.
    (අයි නීඩ් ටු චැනල් අ ඩොක්ට(ර්))
    මට ඩොක්ට කෙනෙක්ව චැනල් කරන්න ඕනේ.
  • Can I get an appointment for today?
    (කැන් අයි ගෙට් ඇන් අපොයින්ට්මන්ට් ෆෝ ටුඩේ)
    මට අද දවසට appointment එකක් ගන්න පුළුවන්ද?
  • Is the doctor available this evening?
    (ඊස් ද ඩොක්ට අවේලබල් දිස් ඊව්නින්)
    අද හවස ඩොක්ට ඉන්නවද?
  • I would like to see the doctor as soon as possible.
    (අයි වුඩ් ලයික් ටු සී ද ඩොක්ට ඈස් සූන් ඇස් පොසිබල්)
    මම හැකි ඉක්මනින් ඩොක්ටව මුණගැහෙන්න කැමතියි.
  • What time can I meet the doctor?
    (වට් ටයිම් කැන් අයි මීට් ද ඩොක්ට)
    මට ඩොක්ටව හම්බ වෙන්න පුළුවන් කීයටද?
  • How much is the channeling fee?
    (හව් මච් ඊස් ද චැනලින් ෆී)
    චැනලින් ගාස්තුව කීයද?
  • I need to see a specialist.
    (අයි නීඩ් ටු සී අ ස්පෙෂලිස්ට්)
    මට විශේෂඥ ඩොක්ට කෙනෙක්ව මුණගැහෙන්න ඕනේ.
  • Could you please book my appointment?
    (කුඩ් යූ ප්ලීස් බුක් මයි අපොයින්ට්මන්ට්)
    කරුණාකර මගේ අපොයින්ට්මන්ට් එක බුක් කරන්න පුළුවන්ද?
  • I have a reservation to see the doctor.
    (අයි හෑව් අ රෙසවේෂන් ටු සී ද ඩොක්ට)
    මට ඩොක්ටර්ව මුණගැහෙන්න වෙලාවක් අරන් තියෙනවා.
  • I would like to cancel or reschedule my appointment.
    (අයි වුඩ් ලයික් ටු කැන්සල් ඕ රීෂෙඩූල් මයි අපොයින්ට්මන්ට්)
    මම මගේ අපොයින්ට්මන්ට් එක කැන්සල් කරන්න හරි වෙනත් දවසකට දාන්න හරි කැමතියි.

Used to..

  • I used to drink tea every morning, but now I prefer coffee.
    (අයි යූස්ඩ් ටු ඩ්‍රින්ක් ටී එව්රි මෝනින්, බට් නව් අයි ප්‍රිෆ(ර්) කොෆී)
    මම හැමදාම උදේට තේ බොන්න පුරුදුවෙලා හිටියාඒත් දැන් මම කෝපිවලට කැමතියි.
  • She used to walk to school when she was a child.
    (ෂී යූස්ඩ් ටු වෝක් ටු ස්කූල් වෙන් ෂී වෝස් අ චයිල්ඩ්)
    ඇය කුඩා කාලේ පාසලට ඇවිදගෙන යන්න පුරුදු වෙලා හිටියා.
  • We used to live in Colombo before we moved here.
    (වී යූස්ඩ් ටු ලිව් ඉන් කලොම්බෝ බිෆෝ(ර්) වී මූව්ඩ් හිය(ර්))
    අපි මෙහෙට එන්න කලින් කොළඹ ජීවත් වෙන්න පුරුදු වෙලා හිටියේ.
  • My father used to smoke, but he quit years ago.
    (මයි ෆාද(ර්) යූස්ඩ් ටු ස්මෝක්, බට් හී ක්විට් ඉය(ර්)ස් අගෝ)
    මගේ තාත්තා දුම් බොන්න පුරුදුවෙලා හිටියා, ඒත් ඔහු අවුරුදු ගණනාවකට කලින් නතර කළා.
  • They used to visit us every weekend.
    (දේ යූස්ඩ් ටු විසිට් අස් එව්රි වීකෙන්ඩ්)
    ඔවුන් හැම සති අන්තයකම අපිව බලන්න එන්න පුරුදු වෙලා හිටියා.
  • I used to play cricket after school with my friends.
    (අයි යූස්ඩ් ටු ප්ලේ ක්‍රිකට් ආෆ්ට(ර්) ස්කූල් විත් මයි ෆ්‍රෙන්ඩ්ස්)
    මම පාසලෙන් ආපු ගමන් මගේ යාළුවන් එක්ක ක්‍රිකට් ගහන්න පුරුදු වෙලා හිටියා.
  • I used to watch cartoons every evening when I was small.
    (අයි යූස්ඩ් ටු වොච් කාටූන්ස් එව්රි ඊව්නින් වෙන් අයි වෝස් ස්මෝල්)
    මම පොඩි කාලේ හැමදාම හවසට කාටූන් බලන්න පුරුදු වෙලා හිටියා.
  • He used to be very shy, but now he talks confidently.
    (හී යූස්ඩ් ටු බී වෙරි ෂයි, බට් නව් හී ටෝක්ස් කොන්ෆිඩන්ට්ලි)
    ඔහු ගොඩක් ලජ්ජා සහගතව හිටියා, ඒත් දැන් ඔහු විශ්වාසයෙන් කතා කරනවා.
  • I used to stay up late watching movies.
    (අයි යූස්ඩ් ටු ස්ටේ අප් ලේට් වොචින් මූවීස්)
    මම චිත්‍රපට බලමින් ගොඩක් රෑ වෙනකල් ඉන්න පුරුදු වෙලා හිටියා.
  • My mother used to cook delicious traditional food for us.
    (මයි මද(ර්) යූස්ඩ් ටු කුක් ඩිලිෂස් ට්‍රැඩිෂනල් ෆූඩ් ෆෝ(ර්) අස්)
    මගේ අම්මා අපිට රසවත් සාම්ප්‍රදායික කෑම උයල දෙන්න පුරුදු වෙලා හිටියා.

Ask him to..

  • Ask him to call me when he reaches home.
    (ආස්ක් හිම් ටු කෝල් මී වෙන් හී රීච්ස් හෝම්)
    එයා ගෙදර ආවම මට කෝල් කරන්න කියන්න.
  • Ask him to send the report before noon.
    (ආස්ක් හිම් ටු සෙන්ඩ් ද රිපෝට් බිෆෝ(ර්) නූන්)
    දවල්ට කලින් එයාට රිපෝට් එක යවන්න කියන්න.
  • Ask him to help you with the project.
    (ආස්ක් හිම් ටු හෙල්ප් යූ විත් ද ප්‍රොජෙක්ට්)
    ඔයාට ප්‍රොජෙක්ට් එකට උදව් කරන්න කියල එයාට කියන්න.
  • Ask him to switch off the lights before leaving.
    (ආස්ක් හිම් ටු ස්විච් ඕෆ් ද ලයිට්ස් බිෆෝ(ර්) ලීවින්)
    පිටත් වෙන්න කලින් එයාට ලයිට් ටික නිවන්න එයාට කියන්න.
  • Ask him to book a taxi for tomorrow morning.
    (ආස්ක් හිම් ටු බුක් අ ටැක්සි ෆෝ(ර්) ටුමොරෝ මෝනින්)
    හෙට උදේට ටැක්සියක් බුක් කරන්න කියල එයාට කියන්න.
  • Ask him to remind me about the meeting.
    (ආස්ක් හිම් ටු රිමයින්ඩ් මී අබවුට් ද මීටින්)
    මීටින් එක ගැන මට මතක් කරන්න කියල එයාට කියන්න.
  • Ask him to wait outside for a few minutes.
    (ආස්ක් හිම් ටු වේට් අවුට්සයිඩ් ෆෝ(ර්) අ ෆිව් මිනිට්ස්)
    මිනිත්තු කීපයක් එළියේ ඉන්න කියල එයාට කියන්න.
  • Ask him to join us for dinner tonight.
    (ආස්ක් හිම් ටු ජොයින් අස් ෆෝ(ර්) ඩිනර් ටුනයිට්)
    අද රෑ කෑමට අපිත් එක්ක එකතු වෙන්න කියල එයාට කියන්න.
  • Ask him to check the spelling before printing.
    (ආස්ක් හිම් ටු චෙක් ද ස්පෙලින් බිෆෝ(ර්) ප්‍රින්ටින්)
    ප්‍රින්ට් කරන්න කලින් අකුරු වල වැරදි බලන්න කියල එයාට කියන්න.
  • Ask him to be kind to everyone.
    (ආස්ක් හිම් ටු බී කයින්ඩ් ටු එව්රිවන්)
    හැමෝටම කරුණාවන්තව ඉන්න කියල එයාට කියන්න.

සම්මුඛ පරීක්ෂණයකදී..

  • Tell me about yourself.
    (ටෙල් මී අබවුට් යුවසෙල්ෆ්)
    මට ඔබ ගැන කියන්න.
  • What are your strengths and weaknesses?
    (වට් ආ යුව(ර්) ස්ට්‍රෙන්ත්ස් ඇන්ඩ් වීක්නසස්)
    ඔබේ ශක්තීන් සහ දුර්වලතා මොනවාද?
  • Why do you want to work for our company?
    (වයි ඩූ යූ වෝන්ට් ටු ව(ර්)ක් ෆෝ අව(ර්) කම්පනි)
    ඔබට අපේ ආයතනයේ සේවය කරන්න අවශ්‍ය ඇයි?
  • Where do you see yourself in five years?
    (වෙයා(ර්) ඩු යූ සී යුවසෙල්ෆ් ඉන් ෆයිව් ඉය(ර්)ස්)
    අවුරුදු පහකින් ඔබ ඔබව මොනවගේ තැනක ඉඳීවි කියලද දකින්නේ?
  • Can you describe a challenge you faced and how you overcame it?
    (කැන් යූ ඩිස්ක්‍රයිබ් අ චැලන්ජ් යූ ෆේස්ඩ් ඇන්ඩ් හව් යූ ඕව(ර්) කේම් ඉට්)
    ඔබ මුහුණ දුන් අභියෝගයක් සහ ඔබ එය ජයගත්තේ කොහොමද කියලා විස්තර කරන්න පුළුවන්ද?
  • Why should we hire you?
    (වයි ෂුඩ් වී හය(ර්) යූ)
    අපි ඔබව බඳවා ගත යුත්තේ ඇයි?
  • Do you prefer working independently or in a team?
    (ඩු යූ ප්‍රිෆ(ර්) ව(ර්)කින් ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඕ ඉන් අ ටීම්)
    ඔබ කැමති තනියම වැඩ කරන්නද එහෙම නැත්තම් කණ්ඩායමක වැඩ කරන්නද?
  • What do you know about our company?
    (වට් ඩූ යූ නෝ අබවුට් අව(ර්) කම්පනි)
    අපේ සමාගම ගැන ඔබ මොනවද දන්නේ?
  • Do you have any questions for us?
    (ඩූ යූ හෑව් එනි ක්වෙස්චන්ස් ෆෝ අස්)
    අපෙන් ඔබට අහන්න ප්‍රශ්න මුකුත් තියෙනවාද?
  • What salary are you expecting?
    (වට් සැලරි ආ යූ එක්ස්පෙක්ටින්)
    ඔබ බලාපොරොත්තු වන වැටුප මොකක්ද?

96 ආදර සිනමා කතන්දරය..

  • Ram is a travel photographer who visits his hometown.
    (රාම් ඊස් අ ට්‍රැවල් ෆොටෝග්‍රැෆ(ර්) හූ විසිට්ස් හිස් හෝම්ටවුන්)
    රාම් තම උපන් ගමට පැමිණෙන සංචාරක ඡායාරූප ශිල්පියෙකි.
  • He goes to his old school and remembers his childhood.
    (හී ගෝස් ටු හිස් ඕල්ඩ් ස්කූල් ඇන්ඩ් රිමෙම්බ(ර්)ස් හිස් චයිල්ඩ්හුඩ්)
    ඔහු තම පරණ පාසලට යන අතර ඔහුට ළමා කාලය මතක් වේ.
  • His friends organise a school reunion for the 1996 batch.
    (හිස් ෆ්‍රෙන්ඩ්ස් ඕගනයිස් අ ස්කූල් රියූනියන් ෆෝ ද නයින්ටීන් නයින්ටි සික්ස් බැච්)
    ඔහුගේ මිතුරන් 1996 කණ්ඩායම සඳහා පාසල් එකමුතුවක් සංවිධානය කරයි.
  • Janaki, his old classmate and first love, also comes to the reunion.
    (ජානකී, හිස් ඕල්ඩ් ක්ලාස්මේට් ඇන්ඩ් ෆස්ට් ලව් ඕල්සෝ කම්ස් ටු ද රියූනියන්)
    ඔහුගේ පරණ පාසල් යාළුව වගේම ප්‍රථම ප්‍රේමය වූ ජානකීද එම එකමුතුවට පැමිණේ.
  • They meet after many years and feel shy at first.
    (දේ මීට් ආෆ්ට මෙනි ඉය(ර්)ස් ඇන්ඩ් ෆීල් ශයි ඇට් ෆස්ට්)
    අවුරුදු ගානකට පසු ඔවුන් මුණගැහෙන අතර මුලදී ලැජ්ජාවෙන් පෙලේ.
  • They spend time together and talk about their school memories.
    (දේ ස්පෙන්ඩ් ටයිම් ටුගෙද(ර්) ඇන්ඩ් ටෝක් අබවුට් දෙයා ස්කූල් මෙමරීස්)
    ඔවුන් එකට කාලය ගත කරමින් තම පාසල් මතක ගැන කතා කරති.
  • Janaki is now married and lives abroad.
    (ජානකි ඊස් නවු මැරීඩ් ඇන්ඩ් ලිව්ස් අබ්‍රෝඩ්)
    ජානකී දැන් විවාහ වී විදේශයක ජීවිතය ගත කරයි.
  • Ram and Janaki realise they still have strong feelings for each other.
    (රාම් ඇන්ඩ් ජානකී රියලයිස් දේ ස්ටිල් හෑව් ස්ට්‍රෝන් ෆීලින්ග්ස් ෆෝ ඊච් අද(ර්))
    රාම් සහ ජානකී තවමත් දෙදෙනා අතර ශක්තිමත් හැඟීම් ඇති බව දැනගනියි.
  • They accept that they cannot be together because of her marriage.
    (දේ ඇක්සෙප්ට් දැට් දේ කැනොට් බී ටුගෙද(ර්) බිකෝස් ඔෆ් හ(ර්) මැරේජ්)
    ඇයගේ විවාහය නිසා ඔවුන්ට එක් විය නොහැකි බව ඔවුන් පිළිගනියි.
  • In the end, they part with respect and cherish their memories forever.
    (ඉන් ද එන්ඩ් දේ පාට් විත් රෙස්පෙක්ට් ඇන්ඩ් චෙරිෂ් දෙයා(ර්) මෙමරීස් ෆොරෙව(ර්))
    අවසානයේදී ඔවුන් ගෞරවයෙන් වෙන් වී තම මතක සදාකාලිකව සුරකී.

විදුලිය විසන්ධි වුණා..

  • There was a power cut in my area last night at about 7 p.m.
    (දෙයා(ර්) වෝස් අ පව(ර්) කට් ඉන් මයි ඒරියා ලාස්ට් නයිට් ඇට් අබවුට් 7 p.m.)
    ඊයේ රෑ 7ට විතර මගේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වුණා.
  • The lights suddenly went off while I was reading a book.
    (ද ලයිට්ස් සඩන්ලි වෙන්ට් ඕෆ් වයිල් අයි වෝස් රීඩිං අ බුක්)
    මම පොතක් කියවද්දී හදිසියේම විදුලි බල්බ නිවිලා ගියා.

  • I quickly took my phone to use its torch.
    (අයි ක්වික්ලි ටුක් මයි ෆෝන් ටු යූස් ඉට්ස් ටෝච්)
    මම ඉක්මනින් මගේ ෆෝන් එකේ ටෝච් එක පාවිච්චි කරන්න ගත්තා.

  • My family and I lit a few candles in the living room.
    (මයි ෆැමිලි ඇන්ඩ් අයි ලිට් අ ෆිව් කැන්ඩල්ස් ඉන් ද ලිවිං රූම්)
    මගේ පවුලේ අයත් මමත් සාලයේ ඉටිපන්දම් කීපයක් පත්තු කළා.

  • The house became quiet because all the fans stopped.
    (ද හවුස් බිකේම් ක්වයට් බිකෝස් ඕල් ද ෆෑන්ස් ස්ටොප්ඩ්)
    විදුලි පංකාවන් හැම එකක්ම නැවතුණු නිසා ගෙදර නිහඬ වුණා.

  • I opened the windows to let some fresh air in.
    (අයි ඕපන්ඩ් ද වින්ඩෝස් ටු ලෙට් සම් ෆ්‍රෙෂ් එයා(ර්) ඉන්)
    මම නැවුම් සුළඟ ඇතුලට එන්න ජනේල ඇරියා.

  • We used the time to talk and share stories with each other.
    (වී යූස්ඩ් ද ටයිම් ටු ටෝක් ඇන්ඩ් ශෙයා(ර්) ස්ටෝරීස් විත් ඊච් අද(ර්))
    අපි එකිනෙකා එක්ක දේවල් කතා කරන්න ඒ වෙලාව යොදාගත්තා.

  • I also checked my phone to see if there was any news about the power cut.
    (අයි ඕල්සෝ චෙක්ඩ් මයි ෆෝන් ටු සී ඉෆ් දෙයා(ර්) වෝස් එනි නිව්ස් අබවුට් ද පව(ර්) කට්)
    විදුලිය විසන්ධි වීම ගැන ප්‍රවෘත්ති මුකුත් ඇවිත්ද බලන්න මම මගේ ෆෝන් එකත් චෙක් කරා.

  • After about an hour, the electricity finally came back.
    (ආෆ්ට(ර්) අබවුට් ඇන් අව(ර්), ද ඉලෙක්ට්‍රිසිටි ෆයිනලි කේම් බෑක්)
    පැයකට විතර පස්සේ විදුලිය ආපහු ආවා.

  • I switched on the lights and continued reading my book.
    (අයි ස්විච්ඩ් ඔන් ද ලයිට්ස් ඇන්ඩ් කන්ටින්‍යූඩ් රීඩිං මයි බුක්)
    මම විදුලි බල්බ දල්වලා ආපහු මගේ පොත කියවන්න පටන් ගත්තා.

මම ගෙදර යමින් හිටියේ..

  • I was driving home when my car started to shake suddenly.
    (අයි වෝස් ඩ්‍රයිවින් හෝම් වෙන් මයි කා(ර්) ස්ටා(ර්)ටඩ් ටු ෂේක් සඩන්ලි)
    මගේ කාර් එක හදිසියේම ගැස්සෙන්න ගද්දී මම ගෙදර යමින් සිටියේ.
  • I stopped the car and saw that one tyre was punctured.
    (අයි ස්ටොප්ඩ් ද කා(ර්) ඇන්ඩ් සෝ දැට් වන් ටය(ර්) වෝස් පන්ච(ර්)ඩ්)
    මම කාර් එක නවත්වලා බලද්දී එක ටයරයක පැච් එකක් ගිහින් කියල දැක්කා.
  • At first, I felt worried because I was far from a garage.
    (ඇට් ෆස්ට්, අයි ෆෙල්ට් වොරීඩ් බිකෝස් අයි වෝස් ෆා(ර්) ෆ්‍රොම් අ ගරාජ්)
    මුලින්ම මට කණගාටුවක් දැනුනා මොකද මම ගරාජ් එකකට ඈතින් හිටියේ.
  • I parked the car safely on the side of the road.
    (අයි පා(ර්)ක්ඩ් ද කා(ර්) සේෆ්ලි ඔන් ද සයිඩ් ඔෆ් ද රෝඩ්)
    මම කාර් එක පාරේ පැත්තකින් ආරක්ෂිතව නතර කළා.
  • I opened the boot and took out the spare wheel and tools.
    (අයි ඕපන්ඩ් ද බූට් ඇන්ඩ් ටුක් අවුට් ද ස්පෙයා(ර්) වීල් ඇන්ඩ් ටූල්ස්)
    මම බූට් එක ඇරලා ස්පෙයා වීල් එක සහ ටූල් ටික ගත්තා.
  • I loosened the nuts of the punctured tyre carefully.
    (අයි ලූසන්ඩ් ද නට්ස් ඔෆ් ද පන්ච(ර්)ඩ් ටය(ර්) කෙයාෆුලි)
    මම පැච් එක ගිය ටයර් එකේ නට් ටික පරිස්සමින් බුරුල් කළා.
  • Then I lifted the car using the jack.
    (දෙන් අයි ලිෆ්ටඩ් ද කා(ර්) යූසින් ද ජැක්)
    ඊට පස්සේ මම ජැක් එක පාවිච්චි කරලා කාර් එක ඉස්සුවා.
  • I removed the damaged tyre and fixed the spare wheel.
    (අයි රිමූව්ඩ් ද ඩැමේජ්ඩ්(ර්) ඇන්ඩ් ෆික්ස්ඩ් ද ස්පෙයා වීල්)
    ම හානි වුණ ටයර් එක ගලවලා ස්පෙයා වීල් එක හයි කලා.
  • After tightening the nuts again, I lowered the car slowly.
    (ආෆ්ට ටයිට්නින් ද නට්ස් අගේන්, අයි ලෝව(ර්)ඩ් ද කා(ර්) ස්ලෝලි)
    ආයෙත් නට් ටික තද කරාට පස්සේ, මම කාර් එක හෙමින් පහත් කළා.
  • I drove away feeling proud that I had solved the problem myself.
    (අයි ඩෲව් අවේ ෆීලින් ප්‍රවුඩ් දැට් අයි හැඩ් සෝල්ව්ඩ් ද ප්‍රොබ්ලම් මයිසෙල්ෆ්)
    මම ප්‍රශ්නය තනියම විසඳගත්තා කියලා හිතමින් මම ආඩම්බරයෙන් එතනින් ගියා.

අපි Let's භාවිතා කරමින් කතා කරමු.

  • Let’s go out in the evening.
    (ලෙට්ස් ගෝ අවුට් ඉන් ද ඊවිනින්(ග්))
    අපි හවසට එලියට යමු.
  • Let’s wait here until the rain stops.
    (ලෙට්ස් වේට් හිය(ර්) අන්ටිල් ද රේන් ස්ටොප්ස්)
    වැස්ස නවතිනතුරු අපි මෙහි රැඳෙමු.
  • Let’s walk to the shop together.
    (ලෙට්ස් වෝක් ටු ද ෂොප් ටුගෙද(ර්))
    අපි එකට සාප්පුවට ඇවිදගෙන යමු.
  • Let’s meet our client after lunch.
    (ලෙට්ස් මිට් අව(ර්) ක්ලයන්ට් ආෆ්ට(ර්) ලන්ච්)
    අපි දවල් ආහාරයෙන් පසු අපේ ක්ලයන්ට්ව හමුවෙමු.
  • Let’s call him before we leave.
    (ලෙට්ස් කෝල් හිම් බිෆෝ(ර්) වී ලීව්)
    අපි පිටත්වෙන්න කලින් ඔහුට කෝල් කරමු.
  • Let’s start the meeting now.
    (ලෙට්ස් ස්ටා(ර්)ට් ද මීටින්(ග්) නව්)
    අපි දැන් මීටින් එක ආරම්භ කරමු.
  • Let’s clean the room.
    (ලෙට්ස් ක්ලීන් ද රූම්)
    අපි කාමරය පිරිසිදු කරමු.
  • Let’s check our emails first.
    (ලෙට්ස් චෙක් අව(ර්) ඊමේල්ස් ෆස්ට්)
    අපි මුලින් අපේ ඊමේල්ස් පරීක්ෂා කරමු.
  • Let’s talk about this after dinner.
    (ලෙට්ස් ටෝක් අබවුට් දිස් ආෆ්ට(ර්) ඩින(ර්))
    අපි රාත්‍රී ආහාරයෙන් පසු මේ ගැන කතා කරමු.
  • Let’s arrange a meeting with the team.
    (ලෙට්ස් අරේන්ජ් අ මීටින්ග් විත් ද ටීම්)
    අපි කණ්ඩායම සමඟ මීටින් එකක් ලෑස්ති කරමු.
  • Let’s invite our friends.
    (ලෙට්ස් ඉන්වයිට් අව(ර්) ෆ්‍රෙන්ඩ්ස්)
    අපි අපේ යාලුවන්ට ආරාධනා කරමු.
  • Let’s celebrate your birthday.
    (ලෙට්ස් සෙලිබ්‍රේට් යුව(ර්) බ(ර්)ත්ඩේ)
    අපි ඔයාගෙ උපන්දිනය සමරමු.

 

ජීවිතයට උපදෙස්..

  • Be kind to others.
    (බී කයින්ඩ් ටු අදර්ස්)
    අන් අයට කරුණාවන්ත වන්න.
  • Believe in yourself.
    (බිලීව් ඉන් යෝසෙල්ෆ්)
    ඔබ ගැන විශ්වාසය කරන්න.
  • Don’t give up.
    (ඩෝන්ට් ගිව් අප්)
    අත් නොහරින්න.
  • Use your time wisely.
    (යූස් යෝ(ර්) ටයිම් වයිස්ලි)
    ඔබේ කාලය ඥානවන්තව භාවිතා කරන්න.
  • Say “thank you” and “sorry” often.
    (සේ “තෑන්ක් යූ” ඇන්ඩ් “සොරි” ඕෆ්ට්න්)
    නිතර “ස්තුතියි” සහ “සමාවෙන්න” කියන්න.
  • Keep learning new things.
    (කීප් ල(ර්)නිං නිව් තිංස්)
    නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න.
  • Take care of your health.
    (ටේක් කෙය(ර්) ඔෆ් යෝ(ර්) හෙල්ත්)
    ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
  • Spend time with your family.
    (ස්පෙන්ඩ් ටයිම් විත් යෝ(ර්) ෆැමිලි)
    ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරන්න.
  • Be honest and do the right thing.
    (බී ඔනස්ට් ඇන්ඩ් ඩූ ද රයිට් තිං)
    අවංක වී නිවැරදි දේ කරන්න.
  • Stay calm in difficult times.
    (ස්ටේ කාම් ඉන් ඩිෆිකල්ට් ටයිම්ස්)
    දුෂ්කර කාලවලදී සන්සුන්ව සිටින්න.

අනතුරු සහිත වැසි දවසක්..

  • The rain made the road wet and slippery.
    (ද රේන් මේඩ් ද රෝඩ් වෙට් ඇන්ඩ් ස්ලිපරි)
    වැස්ස නිසා පාර තෙත් වෙලා ලිස්සන සුළු වුණා.
  • A car slid on the water and hit another car.
    (අ කා(ර්) ස්ලිඩ් ඔන් ද වෝට(ර්) ඇන්ඩ් හිට් අනද(ර්) කා(ර්))
    කාර් එකක් වතුර මත ලිස්සලා ගිහින් තවත් කාර් එකක ගැටුණා.
  • A man fell off his bike because the road was too wet.
    (අ මෑන් ෆෙල් ඔෆ් හිස් බයික් බිකෝස් ද රෝඩ් වෝස් ටූ වෙට්)
    පාර හරිම තෙත නිසා මිනිහෙක් එයාගේ බයිසිකලයෙන් වැටුණා.
  • The drivers could not see well because of the heavy rain.
    (ද ඩ්‍රයිව(ර්)ස් කුඩ් නොට් සී වෙල් බිකෝස් ඔෆ් ද හෙවි රේන්)
    තද වැස්ස නිසා රිටදුරන්ට හරියට පේන්නෙ නැහැ .
  • A bus stopped suddenly, and people inside almost fell.
    (අ බස් ස්ටොප්ඩ් සඩන්ලි, ඇන්ඩ් පීපල් ඉන්සයිඩ් ඕල්මෝස්ට් ෆෙල්)
    බස් එකක් හදිසියේ නතර වුණා, ඇතුලේ හිටපු මිනිස්සු වැටෙන්න ගියා.
  • A tree branch broke and landed on a small car.
    (අ ට්‍රී බ්‍රාන්ච් බ්‍රෝක් ඇන්ඩ් ලෑන්ඩඩ් ඔන් අ ස්මෝල් කා(ර්))
    ගහක අත්තක් කැඩිලා පොඩි කාර් එකක් මත වැටුණා.
  • A motorbike skidded, but the rider was not hurt.
    (අ මෝට(ර්)බයික් ස්කිඩඩ්, බට් ද රයිඩ(ර්) වෝස් නොට් හ(ර්)ට්)
    යතුරුපැදියක් ලිස්සලා ගියා, ඒත් පදින කෙනා තුවාල වුණේ නැහැ.
  • Two cars crashed because the brakes did not work well on the wet road.
    (ටූ කා(ර්)ස් ක්‍රෑෂ්ඩ් බිකෝස් ද බ්‍රේක්ස් ඩිඩ් නොට් ව(ර්)ක් වෙල් ඔන් ද වෙට් රෝඩ්)
    තෙත් පාරේ බ්‍රේක් හොඳට වැඩ කරන්නේ නැති නිසා කාර් දෙකක් ගැටුණා.
  • The police came to help after the accident.
    (ද පොලිස් කේම් ටු හෙල්ප් ආෆ්ට(ර්) දි ඇක්සිඩන්ට්)
    අනතුරෙන් පස්සේ පොලිසිය උදව් කරන්න ආවා.
  • Some people took photos of the accident with their phones.
    (සම් පීපල් ටුක් ෆෝටෝස් ඔෆ් දි ඇක්සිඩන්ට් විත් දෙය(ර්) ෆෝන්ස්)
    සමහර මිනිස්සු ඔවුන්ගේ ෆෝන් වලින් අනතුරේ ෆෝටෝ ගත්තා.

Let’s make a tea...

  • First, boil some water in a kettle or a pot.
    (ෆස්ට්, බොයිල් සම් වෝට(ර්) ඉන් අ කෙටල් ඕ(ර්) අ පොට්)
    පළමුව, කේතලයක හෝ භාජනයක වතුර උණු කරන්න.
  • ⁠He studies medicine but doesn’t want to be a doctor.
    (හී ස්ටඩීස් මෙඩිසින් බට් ඩස්න්ට් වෝන්ට් ටු බී අ ඩොක්ට(ර්))
    ඔහු වෛද්‍ය විද්‍යාව හදාරන නමුත් වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය නැත.
  • Put one tea bag or one teaspoon of tea leaves into a cup.
    (පුට් වන් ටී බෑග් ඕ(ර්) වන් ටීස්පූන් ඔෆ් ටී ලීව්ස් ඉන්ටු අ කප් ඕර් ටීපොට්)
    තේ බෑගයක් හෝ තේ කොළ හැන්දක් කෝප්පයකට දමන්න.
  • Pour the hot water into the cup.
    (පෝ(ර්) ද හොට් වෝට(ර්) ඉන්ටු ද කප්)
    උණු වතුර කෝප්පයට වත් කරන්න.
  • Let the tea brew for about 3 to 5 minutes.
    (ලෙට් ද ටී බෲ ෆෝ(ර්) අබවුට් ත්‍රී ටු ෆයිව් මිනිට්ස්)
    තේ මිනිත්තු 3 සිට 5 දක්වා පැහෙන්න හරින්න.
  • Remove the tea bag or strain the tea leaves.
    (රිමූව් ද ටී බෑග් ඕ(ර්) ස්ට්‍රේන් ද ටී ලීව්ස්)
    තේ බෑගය ඉවත් කරන්න හෝ තේ කොළ පෙරා ගන්න.
  • Add sugar if you like it sweet.
    (ඇඩ් ෂුග(ර්) ඉෆ් යූ ලයික් ඉට් ස්වීට්)
    ඔබට පැණි රස අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
  • You can also add milk if you want.
    (යූ කැන් ඕල්සෝ ඇඩ් මිල්ක් ඉෆ් යූ වෝන්ට්)
    ඔබට අවශ්‍ය නම් කිරි ද එකතු කළ හැක.
  • Stir the tea well with a spoon.
    ( ස්ටය(ර්) ද ටී වෙල් විත් අ ස්පූන්)
    තේ හොඳින් හැන්දකින් කලවම් කරන්න.
  • Taste the tea and adjust sugar or milk if needed.
    (ටේස්ට් ද ටී ඇන්ඩ් ඇජස්ට් ෂුග(ර්) ඕ(ර්) මිල්ක් ඉෆ් නීඩඩ්)
    තේ රස බලා අවශ්‍ය නම් සීනි හෝ කිරි ගලපන්න.
  • The tea is ready to drink. Enjoy it!
    (ද ටී ඉස් රෙඩි ටු ඩ්‍රින්ක්. එන්ජෝයි ඉට්)
    තේ එක සූදානම්. එය රසවිඳින්න!

යමක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටීමට Could you please.. භාවිතා කරයි.

  • Could you please pass me the bowl?
    (කුඩ් යූ ප්ලීස් පාස් මී ද බෝල්?)
    කරුණාකරල බඳුන මට දෙන්න පුලුවන්ද?
  • ⁠He studies medicine but doesn’t want to be a doctor.
    (හී ස්ටඩීස් මෙඩිසින් බට් ඩස්න්ට් වෝන්ට් ටු බී අ ඩොක්ට(ර්))
    ඔහු වෛද්‍ය විද්‍යාව හදාරන නමුත් වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය නැත.

  • Could you please close the window?
    (කුඩ් යූ ප්ලීස් ක්ලෝස් ද වින්ඩෝ?)
    කරුණාකරල ජනේලය වහන්න පුලුවන්ද? 
  • Could you please speak a bit slower?
    (කුඩ් යූ ප්ලීස් ස්පීක් අ බිට් ස්ලෝව(ර්?))
    කරුණාකරල ටිකක් සෙමින් කතා කරන්න පුලුවන්ද?
  • Could you please send me the details by email
    (කුඩ් යූ ප්ලීස් සෙන්ඩ් මී ද ඩිටේල්ස් බයි ඊමේල්?)
    කරුණාකරල මට විස්තර ඊමේල් එකෙන් එවන්න පුලුවන්ද? 
  • Could you please call me back later?
    (කුඩ් යූ ප්ලීස් කෝල් මී බැක් ලේට(ර්)?)
    කරුණාකරල පස්සේ ආපහු කතා කරන්න පුලුවන්ද? 
  • Could you please show me the way to the station?
    (කුඩ් යූ ප්ලීස් ශෝ මී ද වේ ටු ද ස්ටේෂන්?)
    කරුණාකරල ස්ටේෂන් එකට යන පාර පෙන්වන්න පුලුවන්ද? 

  • Could you please turn off the lights?
    (කුඩ් යූ ප්ලීස් ට(ර්න්) ඕෆ් ද ලයිට්ස්?)
    කරුණාකරල විදුලි බල්බ නිවන්න පුලුවන්ද? 

  • Could you please explain that again?
    (කුඩ් යූ ප්ලීස් එක්ස්ප්ලේන් දැට් අගේන්?)
    කරුණාකරල ඒක ආපහු පැහැදිලි කරන්න පුලුවන්ද? 

  • Could you please bring me a glass of water?
    (කුඩ් යූ ප්ලීස් බ්‍රිං මී අ ග්ලාස් ඔෆ් වෝට(ර්)?)
    කරුණාකරල මට වතුර වීදුරුවක් ගෙනෙන්න පුලුවන්ද?
  • Could you please wait for a moment?
    (කුඩ් යූ ප්ලීස් වේට් ෆෝ(ර්) අ මූමන්ට්?)
    කරුණාකරල මොහොතක් ඉන්න පුලුවන්ද

විරාගය කියවමු.

  • Upali is a young man from a wealthy family.
    (උපාලි ඊස් අ යන්(ග්) මෑන් ෆ්‍රොම් අ වෙල්දි ෆැමිලි)
    උපාලි යනු ධනවත් පවුලක තරුණයෙකි.
  • ⁠He studies medicine but doesn’t want to be a doctor.
    (හී ස්ටඩීස් මෙඩිසින් බට් ඩස්න්ට් වෝන්ට් ටු බී අ ඩොක්ට(ර්))
    ඔහු වෛද්‍ය විද්‍යාව හදාරන නමුත් වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය නැත.

  • He likes a simple life and avoids material things.
    (හී ලයික්ස් අ සිම්පල් ලයිෆ් ඇන්ඩ් අවොයිඩ්ස් මැටීරියල් තින්(ග්)ස්)
    ඔහු සරල ජීවිතයකට කැමති වන අතර භෞතික දේවලින් වැලකී සිටී.

  • Upali meets a poor girl named Nanda.
    (උපාලි මීට්ස් අ පුව(ර්) ග(ර්)ල් නේම්ඩ් නන්දා)
    උපාලි නන්දා නම් දුප්පත් ගැහැණු ළමයෙකු හමුවේ.

  • They become good friends, but he doesn’t express his love.
    (දේ බිකම් ගුඩ් ෆ්‍රෙන්ඩ්ස්, බට් හී ඩස්න්ට් එක්ස්ප්‍රෙස් හිස් ලව්)
    ඔවුන් හොඳ මිතුරන් බවට පත්වන නමුත් ඔහු තම ආදරය ප්‍රකාශ නොකරයි.

  • Upali feels sad when Nanda got married to someone else.
    (උපාලි ෆීල්ස් සෑඩ් වෙන් නන්දා ගොට් මැරීඩ් ටු සම්වන් එල්ස්)
    නන්දා වෙනත් කෙනෙකු සමඟ විවාහ වූ විට උපාලි දුක් වේ.

  • He continues to live a quiet and lonely life.
    (හී කන්ටින්යුස් ටු ලිව් අ ක්වයට් ඇන්ඩ් ලෝන්ලි ලයිෆ්)
    ඔහු නිශ්ශබ්ද හා හුදකලා ජීවිතයක් ගත කරමින් සිටී.

  • He helps people without expecting anything in return.
    (හී හෙල්ප්ස් පීපල් විතවුට් එක්ස්පෙක්ටින්(ග්) එනිතින්(ග්) ඉන් රිට(ර්)න්)
    ඔහු කිසිවක් බලාපොරොත්තු නොවී මිනිසුන්ට උදව් කරයි.

  • ⁠Upali becomes sick but doesn’t ask for help.
    (උපාලි බිකම්ස් සික් බට් ඩස්න්ට් ආස්ක් ෆෝ(ර්) හෙල්ප්)
    උපාලි රෝගී වන නමුත් උදව් නොඉල්ලා සිටී.

  • ⁠He dies peacefully, free from worldly desires.
    (හී ඩයිස් පීස්ෆුලි, ෆ්‍රී ෆ්‍රොම් ව(ර්)ල්ඩ්ලි ඩිසය(ර්)ස්)
    ඔහු ලෞකික ආශාවන්ගෙන් මිදී සාමකාමීව මිය යයි.

එදිනෙදා කතාබහට ඉංග්‍රීසි

  • Hey, what’s up?
    (හේ, වට්’ස් අප්?)
    හේ, මොකද වෙන්නේ?
  • A car and a motorbike crashed at the junction.
    (අ කාර් ඇන්ඩ් අ මෝට(ර්)බයික් ක්රෑෂ්ඩ් ඇට් ද ජංක්ෂන්)
    කාර් එකක් සහ යතුරුපැදියක් හන්දියේදී ගැටුනා.
  • Long time no see!
    (ලෝං ටයිම් නෝ සී!)
    කාලෙකින් දැක්කේ නැහැ!
  • Guess what happened today!
    (ගෙස් වට් හැපන්ඩ් ටුඩේ!)
    අද මොකක්ද වුණේ කියලා දන්නවද!
  • I really needed to talk to you.
    (අයි රියලි නීඩඩ් ටු ටෝක් ටු යූ.)
    මට ඇත්තටම ඔයාත් එක්ක කතා කරන්න ඕනේ වුණා.
  • Let’s catch up soon.
    (ලෙට්’ස් කැච් අප් සූන්.)
    ලඟදී අපි කතා කරමු.
  • I’m so glad I can talk to you.
    (අයිම් සෝ ග්ලෑඩ් අයි කැන් ටෝක් ටු යූ.)
    ඔයාත් එක්ක කතා කරන්න පුළුවන් වීම ගැන මට ගොඩක් සතුටුයි.
  • What do you think about this?
    (වට් ඩු යූ තින්ක් අබවුට් දිස්?)
    මේ ගැන ඔයා මොකක්ද හිතන්නේ?
  • You won’t believe this!
    (යූ වෝන්ට් බිලීව් දිස්!)
    “ඔයා මේක විශ්වාස කරන්නේ නැහැ!
  • I totally agree with you.
    (අයි ටෝටලි අග්රී විත් යූ.)
    මම ඔයාත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි.
  • Let me know if you need anything.
    (ලෙට් මී නෝ ඉෆ් යූ නීඩ් එනිතින්.)
    ඔයාට මොනවහරි ඕනේ නම් මට කියන්න.

අනතුරක් ගැන කතා කරමු..

  • I saw an accident on my way to work today.
    (අයි සෝ ඇන් ඇක්සිඩන්ට් ඔන් මයි වේ ටු ව(ර්)ක් ටුඩේ)
    මම අද වැඩට යනකොට ඇක්සිඩන්ට් එකක් දැක්කා.
  • A car and a motorbike crashed at the junction.
    (අ කාර් ඇන්ඩ් අ මෝට(ර්)බයික් ක්රෑෂ්ඩ් ඇට් ද ජංක්ෂන්)
    කාර් එකක් සහ යතුරුපැදියක් හන්දියේදී ගැටුනා.
  • The motorbike rider fell on the road.
    (ද මෝට(ර්)බයික් රයිඩ(ර්) ෆෙල් ඔන් ද රෝඩ්)
    යතුරුපැදි කරුවා පාරට වැටුනා.
  • People quickly ran to help him.
    (පීපල් ක්වික්ලි රෑන් ටු හෙල්ප් හිම්)
    මිනිස්සු ඔහුට උදව් කරන්න ඉක්මනින් දිව්වා.
  • Someone called the ambulance.
    (සම්වන් කෝල්ඩ් ද ඇම්බියුලන්ස්)
    කවුරුහරි ගිලන්රථයට කතා කලා.
  • The car driver looked very shocked.
    (ද කාර් ඩ්රයිව(ර්) ලුක්ඩ් වෙරි ෂොක්ඩ්)
    කාර් එකේ රියදුරා හරිම කම්පනයට පත්වෙලා වගේ පෙනුනා.
  • The motorbike was badly damaged.
    (ද මෝට(ර්)බයික් වෝස් බෑඩ්ලි ඩැමේජ්ඩ්)
    යතුරුපැදිය දරුණු ලෙස හානියට පත්වී තිබුණා.
  • The rider had injuries on his leg and arm.
    (ද රයිඩ(ර්) හැඩ් ඉන්ජරීස් ඔන් හිස් ලෙග් ඇන්ඩ් ආම්)
    රියදුරාගෙ කකුලේ සහ අතේ තුවාල තිබුණා.
  • The ambulance came in ten minutes.
    (ද ඇම්බියුලන්ස් කේම් ඉන් ටෙන් මිනිට්ස්)
    ගිලන්රථය විනාඩි දහයකින් පැමිණියා.
  • Police also came and started their investigation.
    (පොලීස් ඕල්සෝ කේම් ඇන්ඩ් ස්ටාර්ටඩ් දෙය(ර්) ඉන්වෙස්ටිගේෂන්)
    පොලිසියත් පැමිණ ඔවුන්ගේ පරීක්ෂණ ආරම්භ කළා.

එදිනෙදා ජීවිතයේ භාවිතා වෙන විධාන (Commands)

  • Wake up early.
    (වේක් අප් අ(ර්)ලි)
    උදෙන්ම අවදිවෙන්න.
  • Make your bed.
    (මේක් යුව(ර්) බෙඩ්)
    ඔබේ ඇඳ සකස් කරන්න.

  • Brush your teeth.
    (බ්රෂ් යුව(ර්) ටීත්)
    ඔබේ දත් මදින්න.
  • Take a shower.
    (ටේක් අ ෂවර්)
    නාන්න.
  • Get dressed.
    (ගෙට් ඩ්රෙස්ඩ්)
    ඇඳුම් ඇඳගන්න.
  • Open the window.
    (ඕපන් ද වින්ඩෝ)
    ජනේලය විවෘත කරන්න.
  • Close the window.
    (ක්ලෝස් ද වින්ඩෝ)
    ජනේලය වහන්න.
  • Turn on the light.
    (ට(ර්න්) ඔන් ද ලයිට්)
    ලයිට් එක දාන්න.
  • Turn off the fan.
    (ට(ර්න්) ඕෆ් ද ෆෑන්)
    ෆෑන් එක ඕෆ් කරන්න.
  • Clean your room.
    (ක්ලීන් යුව(ර්) රූම්)
    ඔබේ කාමරය පිරිසිදු කරන්න.
  • Lock the door.
    (ලොක් ද ඩෝ(ර්))
    දොර අගුලු දමන්න.

සුන්දර ටයිටැනික් චිත්‍රපටය කියවමු..

  • Titanic was a huge ship sailing to America in 1912.
    (ටයිටැනික් වෝස් අ හියුජ් ෂිප් සේලින් ටු අමෙරිකා ඉන් 1912)
    ටයිටැනික් කියන්නෙ 1912දී ඇමෙරිකාවට යමින් තිබූ විශාල නැවක්.
  • On board was a rich girl named Rose.
    (ඔන් බෝඩ් වෝස් අ රිච් ග(ර්)ල් නේම්ඩ් රෝස්)
    නැවේ රෝස් නම් පොහොසත් තරුණියක් සිටියා

  • She felt unhappy with her life and engagement.
    (ෂී ෆෙල්ට් අන්හැපි විත් හ(ර්) ලයිෆ් ඇන්ඩ් එන්ගේජ්මන්ට්)
    ඇය ඇගේ ජීවිතය සහ සම්බන්ධය ගැන අසතුටින් සිටියා.

  • She met a poor boy named Jack on the ship.
    (ෂී මෙට් අ පුව(ර්) බෝයි නේම්ඩ් ජැක් ඔන් ද ෂිප්)
    ඇයට නැවේදී ජැක් නම් දුප්පත් තරුණයෙකු හමු වුණා.

  • They quickly fell in love.
    (දේ ක්වික්ලි ෆෙල් ඉන් ලව්)
    ඔවුන් ඉක්මනින්ම ආදරයෙන් බැඳුනා.

  • One night, the ship hit an iceberg.
    (වන් නයිට්, ද ෂිප් හිට් ඇන් අයිස්බ(ර්)ග්)
    එක් රාත්‍රියක, නැව හිම කන්දක හැප්පුණා

  •  People panicked as the ship started to sink.
    (පීපල් පැනික්ඩ් ඇස් ද ෂිප් ස්ටාටඩ් ටු සිංක්)
    නැව ගිලෙන්නට පටන් ගත් විට මිනිසුන් තැති ගත්තා.

  • Jack helped Rose survive.
    (ජැක් හෙල්ප්ඩ් රෝස් ස(ර්)වයිව්)
    ජැක් රෝස්ට බේරෙන්නට උදව් කළා. 

  • Jack died in the freezing water.
    (ජැක් ඩයිඩ් ඉන් ද ෆ්‍රීසිං වෝට(ර්))
    ජැක් ගල් වුණු සීතල ජලයේ මිය ගියා.

  • Rose lived on, remembering his love forever.
    (රෝස් ලිව්ඩ් ඔන්, රිමෙම්බරිං හිස් ලව් ෆොරෙව(ර්))
    රෝස් ඔහුගේ ආදරය සදහටම මතකයේ තබාගෙන ජීවත් වුණා.

'යමක් කරන්න දෙන්න/ කිරීමට ඉඩදෙන්න' යන අදහස ප්‍රකාශ කිරීමට මෙම 'Let me' වාක්‍ය රටාව භාවිතා කල හැකිය.

  • Let me help you.
    (ලෙට් මී හෙල්ප් යූ)
    මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න.
  • Let me know if you need anything.
    (ලෙට් මී නෝ ඉෆ් යූ නීඩ් එනිතින්)
    ඔයාට දෙයක් අවශ්‍ය වුණොත් මට කියන්න.

  • Let me explain.
    (ලෙට් මී එක්ස්ප්ලේන්)
    මට විස්තර කරන්න ඉඩ දෙන්න.

  • Let me try.
    (ලෙට් මී ට්‍රයි)
    මට උත්සාහ කරන්න දෙන්න.

  • Let me know when you’re ready.
    (ලෙට් මී නෝ වෙන් යූආ රෙඩි)
    ඔයා සූදානම් විට මට කියන්න.

  • Let me take a picture.
    (ලෙට් මී ටේක් අ පික්ච(ර්))
    මට පින්තූරයක් ගන්න දෙන්න.

  • Let me call you back.
    (ලෙට් මී කෝල් යූ බැක්)
    මට ඔයාට පස්සේ කෝල් කරන්න ඉඩ දෙන්න.

  • Let me finish this first.
    (ලෙට් මී ෆිනිෂ් දිස් ෆස්ට්)
    මට පළමුව මේක ඉවර කරන්න දෙන්න.

  • Let me ask a question.
    (ලෙට් මී ආස්ක් අ ක්වෙක්ෂන්)
    මට ප්‍රශ්නයක් අහන්න දෙන්න.

  • Let me know your idea.
    (ලෙට් මී නෝ යුව(ර්) අයිඩියා)
    ඔයාගේ අදහස මට කියන්න.

THINK AND GROW RICH පොතෙන්..

  • Desire is the first step.
    (ඩිසය(ර්) ඊස් ද ෆස්ට් ස්ටෙප්)
    ආශාව පළමු පියවරයි.
  • Believe in yourself.
    (බිලීව් ඉන් යුව(ර්)සෙල්ෆ්)
    ඔබ ගැන විශ්වාසය තබා ගන්න.

  • Repeat positive thoughts.
    (රිපීට් පොසිටිව් තෝට්ස්)
    ධනාත්මක සිතුවිලි නැවත නැවත සිතන්න.

  • Use specialised knowledge.
    (යූස් ස්පෙෂලයිස්ඩ් නොලේජ්)
    විශේෂිත දැනුම භාවිතා කරන්න.

  • ⁠Imagine new ideas.
    (ඉමැජින් නිව් අයිඩියාස්)
    නව අදහස් සිතින් මවන්න.

  • Make a clear plan.
    (මේක් අ ක්ලිය(ර්) ප්ලෑන්)
    පැහැදිලි සැලැස්මක් සකස් කරන්න.

  • Decide quickly and firmly.
    (ඩිසයිඩ් ක්වික්ලි ඇන්ඩ් ෆ(ර්)ම්ලි)
    ඉක්මනින් හා ස්ථිරව තීරණය කරන්න.

  • Be persistent. Never quit.
    (බී ප(ර්)සිස්ටන්ට්. නෙව(ර්) ක්විට්)
    දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න. කිසි විටෙක අත් නොහරින්න.

  • Work with like-minded people.
    (ව(ර්)ක් විත් ලයික්-මයින්ඩඩ් පීපල්)
    සමාන මනසක් ඇති පුද්ගලයින් සමඟ වැඩ කරන්න.

  • Think positively every day.
    (තින්ක් පොසිටිව්ලි එවරි ඩේ)
    සෑම දිනකම ධනාත්මකව සිතන්න.

එදිනෙදා ජීවිතයට උපදෙස්

  • Wake up early
    (වේක් අප් අ(ර්)ලි)
    කලින් අවදි වෙන්න.
  • Drink water often
    (ඩ්රින්ක් වෝට(ර්) ඕෆ්(ට්)න්)
    නිතර වතුර බොන්න.

  • ⁠Eat fresh food
    (ඊට් ෆ්රෙෂ් ෆුඩ්)
    නැවුම් ආහාර අනුභව කරන්න.

  • Exercise a little every day
    (එක්ස(ර්)සයිස් අ ලිට්ල් එව්රි ඩේ)
    සෑම දිනකම ටිකක් ව්‍යායාම කරන්න.

  • Plan your day
    (ප්ලෑන් යුව(ර්) ඩේ)
    ඔබේ දිනය සැලසුම් කරන්න.

  • Be kind to others
    (බී කයින්ඩ් ටු අද(ර්)ස්)
    අන් අයට කරුණාවන්ත වෙන්න.

  • ⁠Save some money
    (සේව් සම් මනි)
    යම් මුදලක් ඉතිරි කරන්න.

  • ⁠Think before you speak
    (තින්ක් බිෆෝ යූ ස්පීක්)
    කතා කිරීමට පෙර සිතන්න.

  • Clean your place
    (ක්ලීන් යුව(ර්) ප්ලේස්)
    ඔබේ ස්ථානය පිරිසිදුව තබා ගන්න.

  • Sleep well at night
    (ස්ලීප් වෙල් ඇට් නයිට්)
    රාත්‍රියේ හොඳින් නිදාගන්න.

එදිනෙදා භාවිතා වෙන වාක්‍ය රටා

සුහදශීලි ලෙස යම්දෙයක් ඉල්ලා සිටීමට මෙම වාක්‍ය රටාව යොදාගත හැකිය.

  • ⁠Can I have a glass of water, please ?
    (කැන් අයි හෑව් අ ග්ලාස් ඔෆ් වෝට(ර්) ප්ලීස්)
    කරුණාකරල මට වතුර වීදුරුවක් දෙන්න පුලුවන්ද?
  • Can I have a plate, please?
    (කැන් අයි හෑව් අ ප්ලේට්, ප්ලීස්)
    කරුණාකරල මට පිඟානක් දෙන්න පුලුවන්ද?
  • ⁠Can I have your phone number?
    (කැන් අයි හෑව් යුව(ර්) ෆෝන් නම්බර්)
    ඔයාගේ දුරකථන අංකය මට දෙන්න පුලුවන්ද?
  • ⁠Can I have a ticket, please ?
    (කැන් අයි හෑව් අ ටිකට් ප්ලීස්)
    කරුණාකරල මට ටිකට් එකක් දෙන්න පුලුවන්ද?
  • Can I have another pen?
    (කැන් අයි හෑව් අනද(ර්) පෙන්)
    මට තවත් පෑනක් දෙන්න පුලුවන්ද?
  • Can I have a piece of cake?
    (කැන් අයි හෑව් අ පීස් ඔෆ් කේක්)
    මට කේක් කෑල්ලක් දෙන්න පුලුවන්ද?
  • Can I have some help with this?
    (කැන් අයි හෑව් සම් හෙල්ප් විත් දිස්)
    මට මේකට පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද?
  • Can I have the bill, please?
    (කැන් අයි හෑව් ද බිල්, ප්ලීස්)
    කරුණාකරල මට බිල දෙන්න පුලුවන්ද?
  • Can I have a day off tomorrow?
    (කැන් අයි හෑව් අ ඩේ ඔෆ් ටුමොරෝ)
    මට හෙට නිවාඩුවක් ගන්න පුලුවන්ද?
  • Can I have your attention, please?
    (කැන් අයි හෑව් යුව(ර්) අටෙන්ෂන්, ප්ලීස්)
    කරුණාකරල ඔයාගේ අවධානය මට දෙන්න පුලුවන්ද?

වැසි දිනයක භාවිත වන ඉංග්‍රීසි වාක්‍යය

  • “It’s raining. Take your umbrella.”
    (ඉට්ස් රේනිං. ටේක් යුව(ර්) අම්බ්රෙලා.)
    වහිනවා. ඔයාගේ කුඩය අරගෙන යන්න.
  • ⁠”Wear a raincoat to stay dry and warm.”
    (වෙයා(ර්) අ රේන්කෝට් ටු ස්ටේ ඩ්රයි ඇන්ඩ් වෝම්.)
    වියළිව සහ උණුසුම්ව සිටීමට රේන්කෝට් එකක් අඳින්න.

  • “Drive slow. The streets are slippery.”
    (ඩ්රයිව් ස්ලෝ. ද ස්ට්රීට්ස් ආර් ස්ලිපරි.)
    සෙමින් වාහනය පදවන්න. පාරවල් ලිස්සනසුලුයි.

  • ⁠”My clothes got wet. I should have worn a raincoat.”
    (මයි ක්ලෝත්ස් ගොට් වෙට්. අයි ශුඩ් හෑව් වෝන් අ රේන්කෝට්.)
    මගේ ඇඳුම් තෙමුණා. මම රේන්කෝට් එකක් ඇඳගෙන ඉන්න තිබුණා.

  • ⁠”The clouds are dark. It might rain more.”
    (ද ක්ලවුඩ්ස් ආර් ඩා(ර්)ක්. ඉට් මයිට් රේන් මෝ(ර්.))
    වලාකුළු අඳුරුයි. තව වැස්ස තව වහින්න ඉඩ තියෙනවා.

  • ⁠”Be careful. Don’t step in puddles.”
    (බී කෙයාෆුල්. ඩෝන්ට් ස්ටෙප් ඉන් පඩල්ස්.)
    පරිස්සමින් ඉන්න. වතුර වලවල් වලට පය තියන්න එපා.

  • “Keep your shoes dry when you come in.”
    (කීප් යුව(ර්) ෂූස් ඩ්රයි වෙන් යූ කම් ඉන්.)
    ඇතුලට එන විට ඔයාගේ සපත්තු වියළිව තියාගන්න.

  • .⁠”Carry extra socks if you go out.”
    (කැරී එක්ස්ට්රා සොක්ස් ඉෆ් යූ ගෝ අවුට්.)
    එළියට යනවා නම් අමතර මේස් කුට්ටම් අරගෙන යන්න.

  • ⁠”Rainy days are good for staying indoors.”
    (රේනි ඩේස් ආර් ගුඩ් ෆෝ ස්ටේයිං ඉන්ඩෝ(ර්)ස්.)
    වැසි දිනවල ගෙදර ඇතුළේ ඉන්න හොඳයි.

  • ⁠”Check the weather before you leave home.”
    (චෙක් ද වෙද(ර්) බිෆෝ යූ ලීව් හෝම්.)
    ගෙදරින් පිටත්වෙන්න කලින් කාලගුණය පරීක්ෂා කරන්න.

හැසිරීම් රටාවන් හෝ යම් තත්වයක් පිළිබඳව සෘජු උපදෙස් හෝ අවවාද ලබා දීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි.

  • ⁠Don’t be late.
    (ඩෝන්ට් බී ලේට්)
    ප්‍රමාද වෙන්න එපා.
  • Don’t be rude.
    (ඩෝන්ට් බී රූඩ්)
    රලු වෙන්න එපා.
  • Don’t be shy.
    (ඩෝන්ට් බී ෂයි)
    ලැජ්ජා වෙන්න එපා.
  • Don’t be silly.
    (ඩෝන්ට් බී සිලි)
    මෝඩ වෙන්න එපා
  • ⁠Don’t be lazy.
    (ඩෝන්ට් බී ලේසි)
    කම්මැලි වෙන්න එපා.
  • Don’t be afraid.
    (ඩෝන්ට් බී අෆ්රේඩ්)
    බය වෙන්න එපා.
  • Don’t be careless.
    (ඩෝන්ට් බී කෙයාලස්)
    අපරික්ෂාකාරි වෙන්න එපා.
  • Don’t be greedy
    (ඩෝන්ට් බී ග්‍රීඩි)
    කෑදර වෙන්න එපා

අපි වීර් සාරා කියවමු.

  • ⁠Veer, an Indian officer, meets Zaara, a Pakistani woman, in India.

    (වීර්, ඇන් ඉන්ඩියන් ඔෆිසර්, මීට්ස් සාරා, අ පකිස්තානි වුමන්, ඉන් ඉන්ඩියා)

    වීර් නම් ඉන්දියානු නිලධාරියෙක්, ඉන්දියාවේදී සාරා නම් පාකිස්තානු කාන්තාවක් හමුවෙයි.

  • ⁠They spend time together and fall in love.
    (දේ ස්පෙන්ඩ් ටයිම් ටුගෙද(ර්) ඇන්ඩ් ෆෝල් ඉන් ලව්)

    ඔවුන් එකට කාලය ගත කර ආදරයෙන් වෙලෙයි.

  • Zaara returns to Pakistan for her arranged marriage.
    (සාරා රිට(ර්)න්ස් ටු පකිස්තාන් ෆෝ හ(ර්) අරේන්ජ්(ඩ්) මැරේජ්)

    සාරා තම පෙර සැළසුම් කල විවාහය සඳහා පාකිස්තානයට නැවත යයි.

  • Veer follows her but is falsely accused of spying.
    (වීර් ෆලෝස් හ(ර්) බට් ඊස් ෆෝල්ස්ලි අකියුස්ඩ් ඔෆ් ස්පයින්)

    වීර් ඇය පසුපස යයි නමුත් ඔහුට හොර රහසේ තොරතුරු රැස් කිරීම ගැන චෝදනා එල්ලවෙයි.

  • He is imprisoned for 22 years, staying silent for Zaara’s honour.
    (හී ඉස් ඉම්ප්‍රිසන්ඩ් ෆෝ ට්වෙන්ටි ටූ ඉය(ර්)ස්, ස්ටේයින් සයිලන්ට් ෆෝ සාරාස් ඔන(ර්)

    සාරාගේ ගෞරවය වෙනුවෙන් නිහඬව සිටිමින්, ඔහු වසර 22ක් සිරගත කෙරේ.

  • Lawyer Saamiya takes up his case.
    (ලෝය(ර්) සාමියා ටේක්ස් අප් හිස් කේස්)

    සාමියා නම් නීතිඥවරිය ඔහුගේ නඩුව භාර ගනී.

  • She proves Veer’s innocence in court.
    (ෂී පෲව්ස් වීර්ස් ඉනසන්ස් ඉන් කෝට්)

    ඇය උසාවියේදී වීර්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරයි.

  • The court orders his release.
    (ද කෝට් ඔර්ඩ(ර්)ස් හිස් රිලීස්)

    උසාවිය ඔහු නිදහස් කිරීමට නියෝග කරයි.

  • Veer returns to India.
    (වීර් රිට(ර්)න්ස් ටු ඉන්ඩියා)

    වීර් ඉන්දියාවට නැවත පැමිණෙයි.

  • He reunites with Zaara, and they live happily.
    (හී රීයුනයිට්ස් විත් සාරා, ඇන්ඩ් දේ ලිව් හැපිලි)
    ඔහු සාරා සමඟ නැවත එක්වන අතර, ඔවුන් සතුටින් ජීවත් වෙති.


මෙහි භාවිතා වූ අමාරු ඉංග්‍රීසි වචන

    • Falsely accused
      (ෆෝල්ස්ලි අකියුස්ඩ්)
      අසාධාරණ ලෙස චෝදනා ලැබූ
    • Arranged marriage
      (අරේන්ජ්ඩ් මැරේජ්)
      යෝජිත විවාහය
    • Spying
      (ස්පයින්)
      හොර රහසේ තොරතුරු රැස් කිරීම
    • Imprisoned
      (ඉම්ප්‍රිසන්ඩ්)
      සිරගත කරන ලද
    • Honour
      (ඔනර්)
      ගෞරවය
    • Prove
      (ප්‍රූව්)
      ඔප්පු කරයි
    • Innocence
      (ඉනසන්ස්)
      අහිංසකකම
    • Release
      (රිලීස්)
      නිදහස් කිරීම
    • Reunite
      (රීයුනයිට්)
      නැවත එක්වීම

එදිනෙදා ජීවිතයේ බහුලව භාවිතා වෙන වාක්‍ය

  • ⁠How are you today?
    (හව් ආ යූ ටුඩේ)
    ඔයාට අද කොහොමද?
  • Have a great day!
    (හෑව් අ ග්‍රේට් ඩේ)
    සුබ දවසක්!
  • Nice to meet you.
    (නයිස් ටු මීට් යූ)
    ඔයාව හමුවීම සතුටක්!
  • See you later!
    (සී යූ ලේට(ර්))
    පස්සෙ හමුවෙමු!
  • Take care!
    (ටේක් කෙයා)
    ප්‍රවේශම් වෙන්න!
  • Long time no see!
    (ලෝන් ටයිම් නෝ සී)
    බොහෝ කාලයක් දැක්කෙ නෑ.
  • What have you been up to?
    (වට් හෑව් යූ බීන් අප් ටු)
    ඔයා මොනවද කරමින් හිටියේ?
  • How’s everything going?
    (හවුස් එවරිතින් ගොයින්)
    කොහොමද දේවල් වෙන්නේ?
  • ⁠I hope you’re doing well.
    (අයි හෝප් යුආ ඩූයින් වෙල්)
    මම හිතනවා ඔයා හොඳින් දේවල් කරගෙන යනව කියලා.
  • ⁠It is nice talking to you.
    (ඉට් ඊස් නයිස් ටෝකින් ටු යූ)
    ඔබ සමඟ කතා කිරීම සතුටක්.

කිසියම් දෙයක් කිරීමට යමෙකුට උපදෙස් දීම සඳහා මෙම වාක්‍ය රටාව භාවිතා කරන අතර, යම් තත්වයක් පවත්වාගෙන යාම සඳහා උපදෙස් දීමට බහුලව භාවිතා කරයි.

  • ⁠Keep the door closed.
    (කීප් ද ඩෝ ක්ලෝස්ඩ්)
    දොර වසා තබන්න.
  • Keep the room tidy.
    (කීප් ද රූම් ටයිඩි)
    කාමරය පිළිවෙලට තබන්න.

  • Keep your mouth shut.
    (කීප් යුවර් මවුත් ෂට්)
    කට වහගෙන ඉන්න.

  • ⁠Keep the floor dry.
    (කීප් ද ෆ්ලෝ ඩ්රයි)
    බිම වියළිව තබන්න.

  • ⁠Keep the window open.
    (කීප් ද වින්ඩෝ ඕපන්)
    ජනේලය විවෘතව තබන්න.

  • Keep the lights off.
    (කීප් ද ලයිට්ස් ඔෆ්)
    විදුලි පහන් නිවා තබන්න.

  • Keep your hands clean.
    (කීප් යුවර් හෑන්ඩ්ස් ක්ලීන්)
    ඔබේ අත් පිරිසිදුව තබා ගන්න.